Latestවිදේශීය

ඊශ්‍රායලයේ මොසාඩ් මූලස්ථානයට හිස්බුල්ලා මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර පිහිටි මොසාඩ් මූලස්ථානයට එල්ල වූ හෙස්බුල්ලා මිසයිල ප්‍රහාරයක් අයන් ඩෝම් මිසයිල නාශක පද්ධතියෙන් ගුවනේදිම විනාශ කිරීමට සමත් වූ බව ඊශ්‍රායලය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හෙස්බුල්ලා සංවිධානය ටෙල් අවීව් නුවර ඉලක්ක කරමින් මිසයිලයක් එල්ල කළ පළමු අවස්ථාව මෙය බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

හෙස්බුල්ලා සංවිධානයෙන් එල්ලවී ඇත්තේ බැලැස්ටික් මිසයිලයක් බවත්, ඉලක්කය අසාර්ථක කිරීමෙන් බරපතළ විනාශයක් වළක්වා ගැනීමට සමත්වූ බවත් ඊශ්‍රායලය සඳහන් කර තිබේ. ටෙල් අවීව් නුවර මොසාඩ් ඔත්තු සේවයේ මූලස්ථානය ඉලක්ක කරමින් ‘කදීර් 1’ නමැති බැලැස්ටික් මිසයිලය එල්ල කළ බව නිවේදනයක් නිකුත් කරමින් හෙස්බුල්ලා සංවිධානය තහවුරු කර ඇතැයි ද වාර්තා වේ.

හෙස්බුල්ලා සංවිධානයෙන් බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ දකුණු ලෙබනනයට පසුගිය දින දෙකක කාලයක් අඛණ්ඩව ඊශ්‍රායලය විසින් ගුවන් මගින් බෝම්බ හෙළීමට ප්‍රතිචාර දක්වමින් බව ද වාර්තා වේ.

එම ප්‍රහාරයෙන් දරුවන් 50ක් ඇතුළුව පුද්ගලයන් 560 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බවත්, තවත් පුද්ගලයන් දෙදහසකට ආසන්න පිරිසක් තුවාල ලැබූ බවත් වාර්තා වේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *