ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය අද සහ හෙට
ආසියානු රග්බි සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 18 න් පහළ ආසියානු පළමු පෙල සත් සාමාජික රග්බි තරගාවලිය 2024 සැප්තැම්බර් මස 28 සහ 29 දෙදින මැලේසියාවේ දී පැවැත්වීමට නියමිතව ඇත.
මේ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බම්බලපිටිය ශාන්ත පීතර් විද්‍යාලයේ විශෙන්ක සිල්වාගේ නායකත්වයෙන් හා ඉසිපතන විද්‍යාලයේ ත්‍රිනෙත්‍ර දොඩම්ගොඩගේ උපනායකත්වයෙන් යුත් කණ්ඩායමක් සහභාගී වීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකාව ,එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, මැලේසියාව, සිංගප්පූරුව, සවුදි අරාබිය, හොංකොං, චයිනීස් තායිපේ, තායිලන්තය, බෘනායි යන රටවල කණ්ඩායම් 10 ක් මෙහිදී තරගවැදීමට බලාපොරොත්තු වේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු මනුජ නිම්මාන, පුහුණුකරු රජිව් පෙරේරා, වෛද්‍ය කේ.ඒ.පී.කිරිඇල්ල යන මහත්වරුන් මෙම සංචාරය සඳහා සහභාගි වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

