සංදර්ශන තහනම්, ක්‍රීඩා මධ්‍යස්ථාන වහාම ජනතා අයිතියට – හරිනි අමරසූරිය
ප්‍රදේශ හතරක අලුතින් නිම කරන ලද ක්‍රීඩා මධ්‍යස්ථාන 05ක් විවෘත කිරීමේ උත්සවවලින් තොරව මහජනතා අයිතියට පත් කරන ලෙස ක්‍රීඩා ඇමති, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වේ.
ඒ, ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පසුගියදා පැවැති සාකච්ඡාවක දීය.
ඒ අනුව, කොළඹ සහ මාතලේ ඉදිකළ කෘත්‍රිම හොකී පිටිය, බිංගිරිය වයඹ ක්‍රීඩා සංකීර්ණයේ පිහිනුම් තටාකය, ඕමන්තේ වවුනියාව දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ බහු ක්‍රීඩා ගෘහස්ත ක්‍රීඩාංගණය, ඕමන්ත වවුනියාව දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ පිහිනුම් තටාකය මෙලෙස විවෘත කිරීමේ උත්සවවලින් තොරව මහජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

