Latestදේශීය

ඉන්ධන මිළ අඩුවෙන්නේ මෙහෙමයි

මාසික මිල සූත්‍රයට අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කරයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දෙන්නේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින් අඩු වී ඇති අතර එහි නව මිල රුපියල් 311ක් වන බවය.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 283ක් වනු ඇත.

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 33කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 319කි.

ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 19කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 183ක් වේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *