නවසීලන්තයට අන්ත පරාජයක් – ලංකාවට සුපිරි ජයක්
නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ දෙවන හා අවසන් ටෙස්ට් තරගය ඉනිමකින් හා ලකුණු 154 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූහ.
ඒ අනුව තරඟ දෙකකියන් සමන්විත එම තරඟාවලියේ දෙකට බින්දුවක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජය ගෙන ඇත.
ඒ අනුව දෙවන තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පළමු ඉනිම සඳහා ලකුණු 602ක් රැස් කිරීමට සමත් වූහ.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 116ක්, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 88ක්, නොදැවී පන්දුවට පහරදුන් කුසල් මෙන්ඩිස් ලකුණු 106ක් හා කමිඳු මෙන්ඩිස් ලකුණු 182ක් ලබා ගන්නා ලදී.
ඉන් අනතුරුව සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදීමට පැමිණි නවසීලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 88ක් පමණක් වන අතර පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රභාත් ජයසූරිය. කඩුලු 05ක් බිඳ හෙළීමට සමත් විය.
යළිත් සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 360ක් පමණි.
ඒ අනුව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය තරග දෙකට බිංදුවක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩාකයෝ සමත් වූහ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

