බහාලුම් ප්‍රවාහන ගාස්තු පහළට
ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහාලුම් ප්‍රවාහන ගාස්තුව සියයට 4 කින් ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගත් බව බහාලුම් රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි.
මේ ඒ පිළිබඳ පැහැදිලි කරන එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා,
“රජය මඟින් ඉන්ධන මිල පහත දැමීමත් සමග සහ මේ වනවිට ඔටෝ ඩීසල්වල මිල රු 24කින් සහ මීට කලින් රු 10කින් අඩුකිරීමක් කරලා තිබුණා. ඒ මිල ගණන්වලට සාපේක්ෂව ආනයන අපනයන බහාලුම් ප්‍රවාහන ගාස්තුව 4%කින් පහළ දැමීමට තීරණය කළා. මේ වනවිට රජය මඟින් වැඩකටයුතු කරගෙන යනවා සමස්ත මහජනතාවට සහන සැලසීම සඳහා. ඒ අනුව අපේ විධායක කමිටුව බහාලුම් ප්‍රවාහන ගාස්තු පහළ දැමීමට තීරණය කළා.”
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

