Latestක්‍රීඩාදේශීය

NSL ශූරතාව කොළඹ හිමිකර ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට පත්වීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු කොළඹ කණ්ඩායම ඊයේ(06) සමත්විය.

ජැෆ්නා කණ්ඩායමට එරෙහිව ලකුණු 92 ක ජයක් ලෙසින් සටහන් වුණු එම ජයග්‍රහණයත් සමඟ කම්බු කණ්ඩායම පළමු වතාවට එම කුසලානට හිමිකමී ද විශේෂත්වයකි.

කාසියේ වාසිය දිනා පලමුවෙන් පන්දුවට පහරදුන් Colombo කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 413ක් ලබා ගැනීමට සමත්විය. Colombo පිල වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ නායක චරිත් අසලංක ලකුණු 216ක් රැස් කළේ හයේ පහර 16ක් සහ හතරේ පහර 12ක් ද සමගිනි. ඔහුට අනගි සහායක් ලබා දුන් අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 126ක් රැස් කළේ හයේ පහර 6ක් සහ හතරේ පහර 10ක් ද සමගිනි.

ජයග්‍රහණය සඳහා ලකුණු 414 ක අසීරු ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා කණ්ඩායමට කලම්බු පන්දු යවන්නන් හමුවේ රැස් කර ගත හැකි වූයේ පන්දුවාර 47.1 කදී ලකුණු 321 ක් පමණි. ඒ අනුව මෙම අවසන් මහ තරගයේ සමස්ථ ඉනිම දෙකේදීම ලකුණු 734 ක් වාර්තාවීම කැපී පෙනිණ.

ජැෆ්නා පිල වෙනුවෙන් ළහිරු මදුශංක ලකුණු 104ක් සහ රොන් චන්ද්‍රගුප්ත ලකුණු 56 බැගින් රැස් කිරීමට සමත් විය. පන්දු යැවීමේදී දිලුම් සුධීර කඩුලු 3ක් සහ දසුන් ශානක කඩුලු 2ක් ද ලබා ගත්හ.

මෙම තරගයේ විරයා සම්මානය චරිත් අසලංකට හිමිවූ අතර ගාවලියේ දක්ෂතම පිතිකරුවා ලෙස තරග 4 කදී ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 90.67 ක් රඳවා ගනිමින් ලකුණු 272 ක් රැස් කිරීමට සමත් කැන්ඩි කණ්ඩායමේ අහන් වික්‍රමසිංහ ද තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස තරග 8 කදී කඩුලු 17 ක් බිඳ හෙලූ ගෝල් කණ්ඩායමේ මුදිත ලක්ෂාන් ද සම්මාන දිනා ගත්හ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *