Latestදේශීය

මාතරින් එළියට – සාගල කොළඹට

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක කොළඹ දිස්ත්‍රික්කයෙන්

මෙවර මහ මැතිවරණයට තරඟ කරන බව වාර්තා වේ.

පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ බොහෝ සාමාජිකයින් අතර පැවති ගැටුම්කාරී තත්වයන් මධ්‍යයේ මෙවර ගෑස් සිලින්ඩරය සලකුණ යටතේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් සාගල රත්නායක කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීමට තීරණය කර ඇත.

සාගල රත්නායක පසුගිය මැතිවරණයන්හිදී පාර්ලිමේන්තුවට තේරී පත්වීමට  තරඟ කරනු ලැබුයේ මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය සංවිධායක වශයෙනි.

1999 දී දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වෙමින් දේශපාලනයට පිවිසි සාගල රත්නායක   2000 දී මාතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය.

2002 සිට 2004 දක්වා විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සාගල පසුගිය රනිල් වික්‍රමසිංහ ජනාධිපති පාලන සමයේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළේය.

ජනාධිපතිවරණය පරාජයට පත්වීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවන බව ප්‍රකාශ කළ අතර, මේ වනවිට එක්සත් ජාතික පක්ෂයේ බොහෝ ප්‍රධාන පෙළේ නායකයින් මෙවර මැතිවරණය මග හරින තත්වයක් යටතේ සාගල රත්නායක මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබීම විශේෂත්වයකි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *