Latestදේශීය

ජොන්ස්ටන්ට විදෙස් ගතවීම තහනම්

හිටපු ඇමති මෙන්ම පාර්ලිමෙන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගතවීම තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ඊයේ (10) විදේශ ගමන් තහනමක් පනවා තිබේ.

මහෙස්ත්‍රාත් එලෙස විදේශ ගමන් තහනමක් පැනවුවා ඇත්තේ, ලියාපදිංචි නොකළ BMW වර්ගයේ කාර් රථයක් ව්‍යාජ අංක තහඩුවක් යොදාගෙන භාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන කරන බව දැනුම් දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුවය.

සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතියය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක රථගාලේ සැකකටයුතු අන්දමින් කාර් රථයක් නවතා ඇති බවට ලැබුණු තොරතුරකට අනුව මෙම BMW වර්ගයේ කාර් රථය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව දැනුම් දී ඇත.

එම විමර්ශනවලදී ජර්මනියේ නිශ්පාදිත මෙම BMW වර්ගයේ කාර් රථය එංගලන්තයට යවන බව පවසා හොර රහසේ මෙරටට ගෙන්වා ඇති බවත් පසුව කාර් රථය මෙරට ලියාපදිංචි නොකර වෙනත් මෝටර් රථයකට නිකුත් කළ අංක තහඩුවක් ව්‍යාජ ලෙස සවිකර මෙම කාර් රථය භාවිතා කර ඇති බවත් දැනුම් දී ඇති විමර්ශන නිලධාරීන් මෙම රථය මෙරටට ගෙන්වුයේ කවුද? භාවිතා කළේ කවද? යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර අතැයිද දැනුම් දී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන හෙයින් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගතවීම වළකාලන නියෝගයක් නිකුත කරන්නැයි ඉල්ලා ඇත.

පොලිසියේ ඉල්ලීම පිළිගනිමින් ඒ සඳහා අවසර දී ඇති කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමට පොලිසියට නියම කර තිබේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *