Latestවිදේශීය

TATA අධිපති රතන් ටාටා මියයයි

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මියයන විට ඔහු 86 වන වියේ පසුවිය.

වසර 20 කට වැඩි කාලයක් සභාපති ලෙස Tata සමූහ ව්‍යාපාරය පවත්වාගෙන ගිය ‘රතන් ටාටා’ ඉකුත් සඳුදා සිට මුම්බායි රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

Tata Sons හි හිටපු සභාපති රතන් ටාටා අභාවප්‍රාප්ත වූ බව බදාදා දින නිවේදනයක් නිකුත් කරමින් Tata සමූහය නිවේදනය කර තිබේ.

ඔහු වසර 20කට වැඩි කාලයක් Tata සමූහ ව්‍යාපාරයෙහි සභාපතිවරයා ලෙස කටයුතු කළේය. රතන් ටාටාව හැදින්වෙන්නේ ඉන්දීය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ලෙජන්ඩ්වරයෙක් ලෙසිනි.

ඔහුගේ රෝහල් ගතවීම සාමාන්‍ය පරීක්‍ෂණයක කොටසක් බව Tata මෑතකදී මහජනතාවට සහතික කළද, ඔහුගේ සෞඛ්‍යය පිරිහී ගොස්, ඔහු දැඩි සත්කාර ඒකකයට ගෙන යන ලද බව ද ආරංචි මාර්ග පවසයි.

ටාටා සන්ස් සමූහ ව්‍යාපාරයේ වත්මන් සභාපති එන් චන්ද්‍රසේකරන්, පවසා ඇත්තේ, තමන්ට හොඳ මිතුරෙකු සහ මාර්ගෝපදේශකයකු අහිමි වූ බවය.

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, සොව පළ කරමින්, සිය එක්ස් ගිණුම ඔස්සේ සටහනක් පළ කරමින් පවසා ඇත්තේ, රතන් ටාටා දූරදර්ශී නායකයකු සහ දයානුකම්පිත, අසාමාන්‍ය මනුෂ්‍යයකු බවය.

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *