Latestක්‍රීඩා

ඉන්දියාවත් ලෝක කුසලානයෙන් ඉවතට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් බලාපොරොත්තු අතහැර දැමීමට ඉන්දීය කාන්තා කණ්ඩායමට සිදුවිය.

මෙම තරගාවලියේ ‘A’ කාණ්ඩයේ තරග අවසන් කරමින් නවසීලන්තය හා පාකිස්තානය අතර තරගය ඊයේ (14) රාත්‍රියේදී ඩුබායිහිදී පැවැත් වූ අතර, මෙම තරගයෙන් ලකුණු 54ක පහසු ජයක් ලැබීමට නවසීලන්තය සමත් විය.

පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 110ක් රැස් කළේය.

කෙසේ නමුත් ලකුණු 111ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන ක්‍රීඩිකාවන්ට පන්දුවාර 11.4කදී සියලුදෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 56ක් පමණි.

පාකිස්තාන කණ්ඩායම ලකුණු 56ක දැවීයාම සැලකෙන්නේ විස්සයි20 කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් දැවීගිය දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසය.

මෙම ජයත් සමග අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නවසීලන්ත කාන්තා කණ්ඩායමට හැකිවිය.

නවසීලන්තය මෙම තරගය යම් හෙයකින් පරාජය වූවානම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිවන්නේ ඉන්දියාවටය.

‘A’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහන අනුව ක්‍රීඩාකළ තරග 4ම ජයගත් ඔස්ට්‍රේලියාව පෙරමුණ හිමිකරගත් අතර, ඔස්ට්‍රේලියාවට පමණක් පරාජය වූ නවසීලන්තය එහි දෙවැනි ස්ථානයට පත්විය.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *