Latestක්‍රීඩා

හතුරුසිංහ නතර කරයි

දෙවැනි වරටත් බංග්ලාදේශයේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් කරගත් චන්දික හතුරුසිංහගේ සේවය අත්හිටුවීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් කටයුතු කර ඇත.

මෙලෙස ඔහුගේ සේවය අත්හිටුවා ඇත්තේ විනය හේතූන් මත බව සඳහන්ය.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් පුහුණුකරුවෙක් වන ෆිල් සිමන්ස් 2025 චැම්පියන්ස් කුසලානය තෙක් බංග්ලාදේශ කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස වැඩ භාර ගැනීමට නියමිතය.

පසුගිය වසරේ එක්දින ලෝක කුසලාන සහ විස්සයි – විස්ස ලෝක කුසලානයට පැමිණි බංග්ලාදේශය එම තරගාවලි දෙකේදීම සාර්ථක දක්ෂතා දැක්වීමට ද අපොහොසත් විය.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *