Latestදේශීය

සජිත් ගලවාගත් චම්පිකගේ පලුව

මහමැතිවරණය සඳහා නාමයෝජනා ලබා දීමේ දී ඇති කරගත් කොන්දේසි කඩ කළ බව පවසමින් පාඨලී චම්පික රණවක මහතා නායකත්වය දරන එක්සත් ජනරජ පෙරමුණ සමගි ජන සන්ධානයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව පසුගියදා වාර්තා වුණා.

කෙසේ වෙතත් එක්සත් ජනරජ පෙරමුණ විසින් ගනු ලැබූ සාමුහික තීරණයට එරෙහි වෙමින් එම පක්ෂයේ ජාතික සංවිධායක වරයා සහ පිරිසක් එම පක්ෂයෙන් ඉවත්ව ගොස් තිබෙනවා.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක් වෙමින් එම පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සභාපති කරූ පරණවිතාන මහතා මෙම කරුණු හෙළිකර තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට සහය පලකිරීම සම්බන්ධයෙන්ද පක්ෂ අභ්‍යන්තරයේ මත ගැටුම් ඇති වූ බව පෙන්වා දෙමින්.

කෙසේ වෙතත් පක්ෂ දේශපාලනය කිරීමේදී සාමූහික වගකීමට වඩා වැදගත් වන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

සමගි ජන සන්ධානයෙන් රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට තමන්ට හැකියාව තිබියදීත් පක්ෂය විසින් ගනු ලැබූ සාමූහික තීරණයට අවනත වෙමින් තමන් රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත් වූ බවද ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *