Latestවිදේශීය

සිපගැනීමට මිනිත්තු තුනක්

නව­සී­ල­න්තයේ ඩුනේ­ඩින් ගුව­න්තො­ටු­පොළේ මගී තද­බ­දය මඟ­හ­රවා ගැනී­මට විස­ඳු­මක් ලෙස ගුව­න්ග­ත­වී­මට නිය­මිත සිය ප්‍රිය­ත­මයා සිප­වැ­ලඳ සමු­දීමේ කාල­සී­මාව මිනිත්තු 3කට සීමා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

‘සිප­වැ­ලඳ ගැනීමේ උප­රිම කාලය මිනිත්තු 3යි‘ ලෙස සට­හන් කළ පුවරු එම ගුව­න්තො­ටු­පොළේ පිට­වීමේ පර්ය­න්තයේ තැනින් තැන සවි කිරී­මට ද ගුව­න්තො­ටු­පොළේ බල­ධා­රින් පිය­වර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

සිය ප්‍රිය­ත­ම­යාට සමු­දී­මට මිනිත්තු 3කට වඩා වැඩි කාල­යක් අවශ්‍ය නම් එය ගුව­න්තො­ටු­පොලේ රථ­ගා­ලේදී සිදු කළ හැකි බවද එම පුව­රුවේ සඳ­හන් වන බව වාර්තා වේ.

පසු­ගිය සැප්තැ­ම්බර් මාසයේ සිට ක්‍රියා­ත්මක වන නව නීති­යට එරෙ­හිව සමාජ මාධ්‍යා­ජ­ලයේ දැඩි විවේ­චන එල්ල වී ඇති අතර, එය මූලික මානව අයි­තිය උල්ලංඝ­නය කිරි­මක් බවට ද චෝදනා කර ඇතැයි ද වාර්තා වේ. මේ පිළි­බඳ අද­හස් පළ කර­මින් ගුව­න්තො­ටු­පොළේ ප්‍රධාන විධා­යක නිල­ධා­රියා ප්‍රකාශ කර ඇත්තේ ‘මිනිත්තු තුනක් හොඳ­ටම ඇති‘ යනු­වෙනි.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *