Latestදේශීය

කෑගල්ලේ ජල සැපයුම නවතී

ප්‍රධාන නල මාර්ගයේ සිදු වූ බිඳ වැටීමක් හේතුවෙන් කෑගල්ල නගරයට පැය 48ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන ජලාපවාහන මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒම මණ්ඩලය පැවසුවේ කෑගල්ල නගරයට ජලය ගෙනයන ප්‍රධාන නලයකට ගලක් පෙරලී යාමෙන් සිදුවූ හානිය හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුවන බවය.  

නලය අලුත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර කඩිනමින් ජල සැපයුම ලබාදීමට කටයුතු කරන බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කළේය.

මේ අතර මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද පස්වරු 6 සිට හෙට පෙරවරු 6 දක්වා පැය 12ක කාලයක් බියගම ජල පවිත්‍රාගාරයට ජල සැපයුම අත්හිටුවන බවද ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව එම කාල සීමාවේ දි ජා ඇළ, කටුනායක – සීදුව නගර සභා බලප්‍රදේශවලට සහ කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවීමට පියවර ගන්නා බවත් ඒම මණ්ඩලය නිවේදනය කර තිබේ.

ඊට අමතරව ජාඇල, ගම්පහ ප්‍රදේශීය බල ප්‍රදේශයේ කොටසකට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කළේය.

@adaderana


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *