ඒ සුබ සිහිනය ජයගනු වස්
(ක්‍රිස්ටෝෆර් ගාඩිනර්)
30 වසරක ඊලාම් යුද්ධය අවසන් කීවත්, ඒ ගැන මොන තරම් පුරසාරම් දෙඩුවත්, ආර්ථිකය සවිමත් කීවත්, ආසියාවේ ආශ්චර්යය වුවත්, මහතීර් මොහොමඩුයි, ලීක් වාන් යූ යි ආවත් ගියත්, ඔවුන් නොදැක්කේ… මේ රටේ අහිංසක මිනිසුන්ගේ මුහුණෙන් කියවුන, පෙරට වඩා වැඩි වැඩියෙන් දුක්විඳින බවත්, පරාජිත බවත්, නොසන්සුන් බවත්, ජීවිත අත්හැරි බවත්, සියල්ල අතරමග නැවතුන බවත්, ජීවිත අතරමංවී වැලලූණු බවත්, තරුණියෝ හඬා වැටුන බවත්, තරුණයෝ වැලපුන බවත්, ශිෂ්‍යයාවෝ මුදලට තන පෑ බවත්, ශිෂ්‍යයෝ මුළු වල මත් වූ බවත් ඇතුළු බොහෝ ආගමික, අධ්‍යත්මික සංස්කෘතික, සමාජීය සහ දේශපාලනමය කරුණු කාරණාය.
තවත් කලෙක වඳ කොත්තුය, කලකට වඳ තනපටය, තව දවසක දොස්තර සාෆිගේ සීසර් වඳ සැත්කම්ය මේ සියල්ල රැවදුලි නාටකය රට වැසියා තුත්ටු දෙකට දැම්මේ ඔවුන් මෝඩයින් සේ සලකා ය.
එය කෙසේ වෙතත් පාලක පැළැන්තියේ ජීවිත සුඛිත මුඛිත විය, ඔවුන්ගේ අම්බැට්ට රාලයන්ගේ පවුල් පිටින් ගොඩ ගියහ, අසීමිත ලෙස මුදලට කෑදර විය, දූෂණය වංචාව රජකරවිය, එහි ප්රථිඵලයක් ලෙස ක්ෂණිකව රට බංකොලොත් විය, එහි බරද ජනතාව මත පැටවිය.
එහි වගකීම රට වාසී චන්ද අයිතිය හිමි අහිමි සම්ප්‍රධායික, පාරම්පරික, පක්ෂාග්‍රාහී, වර්ණලාභී රට වාසීන් විසින් භාරගෙන, ඔවුන් එක කඳවුරකට එක්වී අද එය නිවැරදි කරමින් රට නැවත නිවැරදි මාවතක ගෙනයෑමට පෙරමග සූදානම් කරමින්,
කැළි කසල ඉවත්කර ඒවා වළලා, පිරිසිදු කරමින් සිටින බව දැකීමට තරම් අප වාසනාවන්ත වී ඇත. එයද වසර 76 කට පසුය, එය දැක අප නිහඬව සතුටු වෙමු. මම ඒ සඳහා ඔවුන් වෙත හිස නමා ආචාර කිරීමට මෙය අවස්ථාවක් කරගනිමි.
තවද එහි ප්රථිඵලයක් ලෙස… අද ජනතාවගේ බලාපොරොත්තුව ඵල දරා ඇත, මුහුණු සිනාවෙන් පිරී ඉතිරී ගොසිනි. තරුණ තරුණියෝ පෙර මග ගෙන ඇත, සොර මැති ඇමතීන් විශ්‍රාම ගෙන ඇත, දූෂිත දූෂිතයන් යන එන මං සොයා ගත නොහැකිව හැංගී ඇත. 76 වසරක තක්කඩි, ත්‍රාඩ, මැර, දේශපාලන සංස්කෘතියේ අවසන් හොරා කිහිපය ගෙවෙමින් පවතී.
හෙට දවස අපේ රට… නව දැක්මක් සහිත නුවණැතිි සමාජයක් තුලින් ගෙනෙනා, බුද්ධිමතුන්ගෙන් පිරී ඉතිරී ගිය සුපිරි පාර්ලිමේන්තුවක් තුලින් සමාජගත ප්‍රශ්ණ විසඳාගෙන, ලොව විශිෂ්ඨතම දේශපාලනමය යුග පෙරලියට උර දී, රටම නගා සිටුවා, වැල් පාලම් වෙනුවට සවි ශක්තිමත් කුළුණු මත ඉඳිවුන පාලම් මතින් එගොඩ වෙමු.