නවසීලන්තය ජයගනී
දඹුල්ලේ දී ඊයේ පැවති දෙවැනි හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයෙන් නවසීලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 5ක තියුණු පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. ජයග්‍රහණය සඳහා ලකුණු 109ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.5කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 103කි.
ඒ අනුව තරග 2-0ක තරගාවලි ජයක් තහවුරු කරගැනීමට අවස්ථාව හිමිව තිබූ ශ්‍රී ලංකාවට, තරග 1-1ක් ලෙස අවසන් කරගැනීමට සිදුවිය.මෙම තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවූවානම්, නවසීලන්තයට එරෙහිව වසර 11කට පසු විස්සයි20 තරගාවලියක් ජයගැනීමට හැකියාව තිබුණි.
@දිවයින
Please follow and like us: