Latestවිදේශීය

ඇමරිකානු අනුග්‍රාහක යුක්රේන් ප්‍රහාරයට රුසියාව ප්‍රතිචාර දක්වයි

නැඟෙ­න­හිර යුක්රේ­නයේ ඩ්නිප්‍රෝ නග­ර­යට රුසි­යානු හමු­දාව මිස­යිල ප්‍රහා­ර­යක් එල්ල කළ බව රුසි­යානු ජනා­ධි­පති ව්ලැදි­මිර් පුටින් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ‘ඔරෙ­ෂ්නික්‘ සංක්ත නාම­යෙන් හඳු­න්වනු ලබන එම මැදි දුර මිස­යිල ප්‍රහා­රය සිදු කරනු ලැබුවේ පසු­ගි­යදා යුක්රේ­නය විසින් රුසි­යාවේ ප්‍රාන්ත­ය­කට එල්ල කළ දිගු දුර මිස­යිල ප්‍රහා­ර­යට ප්‍රති­චාර වශ­යෙන් බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

යුක්රේ­නය එල්ල කරනු ලැබුවේ අමෙ­රි­කාව විසින් සප­යනු ලැබූ මිස­යිල වන අතර, එම මිස­යිල රුසි­යානු භූමි­යට එල්ල කිරීම සඳහා අනු­මැ­තිය දුන් අමෙ­රි­කා­වට සහ බ්‍රිතා­න්‍ය­යට ප්‍රති­චාර දැක්වී­මට රුසි­යාව මැදි දුර මිස­යිල ප්‍රහා­රය සිදු කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. අමෙ­රි­කාව සහ බ්‍රිතාන්‍ය රට­ව­ලින් සප­යනු ලැබූ මිස­යිල භාවිත කිරී­මට යුක්රේ­න­යට අනු­මැ­තිය ලැබී­මෙන් දෙරට අතර යුද ගැටුම ගෝලීය ගැටු­මක් කරා ඇදී යමින් තිබෙන බවත් රුසි­යානු ජනා­ධි­ප­ති­ව­රයා බට­හිර රට­ව­ලට අන­තුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර ඇමෙරිකා ජනාධිපති, ජෝ බයිඩන් එම ධුරයෙන් ඉවත් වීමට ආසන්නව තිබිය දී, මේ ආකාරයට ලෝක සාමයට තර්ජනයක් එල්ල කිරීමට මිසයිල ප්‍රහාර යොදා ගැනීම පිළිබඳව ලෝකයේම අවධානය යොමු වී ඇත. ජාත්‍යන්තර නිරීක්ෂකයින් පෙන්වා දෙන්නේ ගෝලීය යුද්ධයක් දක්වා වර්ධනය වීමට නියමිත යුධ ආතතිය ඇති ප්‍රදේශයන් හී සාමය සදහා මැදිහත්විය යුතු වටපිටාවක ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් සිදුකරමින් පවතින යුධ අනුග්‍රාහකත්වය සමස්ත ලෝකයටම තර්ජනයක් වනු ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *