Latestදේශීය

අපගේ ඉලක්කය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් – පොලිස්පති

මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට දඬුවම් ලබාදීමට වඩා සුදුසු වන්නේ මත්ද්‍රව්‍ය සැපයුම්කරුවන් අත්අඩංගුවට ගෙන නීති මාර්ගයට පැමිණවීම යැයි වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා 24 වැනිදා තඹුත්තේගම පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

එහිදී වැඩිදුරටත් කතා කළ ඒ මහතා මේ වනවිට මත්ද්‍රව්‍ය ජාලය සහ සැපයුම්කරුවන් හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බවත් කීය. මෑතකදී විශාල වැටලීම් කර ඇති බවත්, ශ්‍රී ලාංකිකයන් විදේශගතව බෝට්ටු මගින් මෙරටට මත්ද්‍රව්‍ය ගෙන ඒමට ක්‍රියාකරන බවත් පැවසූ පොලිස්පතිවරයා මෙරට නාවික හමුදාව මාලදිවයින ආරක්ෂකයන් සමග විශාල වැටලීමක් කර ඇති බවත් එම පිරිස මෙරටට ගෙන්වීමට කටයුතු කර ඇති බවත් කියා සිටියේය. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාවට රහස්‍ය තොරතුරු ලබාදීමට වැඩපිළිවෙළක් ආරම්භ කොට ඇති බවත් ප්‍රාදේශීය වශයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරුන්ටත් ඊට පහළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ටත් දැන්විය හැකි බවත් දුරකථන අංක 1997 අංකයට විස්තර ලබාදිය හැකි බවත් හෙතෙම පැවසීය.

මිනීමැරුම් සම්බන්ධව සැක කරන පුද්ගලයන් විදේශගතව සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වීමට කටයුතු කරන බවත් පොලිස්පතිවරයා කියා සිටියේය.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *