Latestවිදේශීය

ට්‍රම්ප් කඳවුරට මරණ තර්ජන

අමෙරිකාවේ ජනාධිපති ලෙස තේරී පත්වු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයින්ට සහ ධවල මන්දිර සාමාජිකයින් පිරිසකට බෝම්බ තර්ජන එල්ලවී තිබේ.

එම තර්ජන එල්ලවී ඇත්‍තේ පසුගිය දින දෙක තුලදී බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

තර්ජන එල්ලවූවන් සඳහා ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන ඇති බව ධවල මන්දිර ප්‍රකාශක කැරොලයින් ලෙවිට් ප්‍රකාශ කර තිබේ.

පළමු තර්ජන එල්ලවී තිබුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එක්සත් ජනපද තානාපතිනිය ලෙස නම්කර ඇති එලීස් ස්ටෙෆනික් වෙතය. ඇයගේ කාර්යාලය සඳහන් කරන්නේ ඇය සැමියා සහ තුන් හැවිරිදි දරුවා සමග වොෂින්ටන් සිට නිව්යෝර්ක් දක්වා රිය පදවමින් සිටි අවස්ථාවේ මෙම තර්ජන එල්ලවී ඇති බවයි.

ට්‍රම්ප්ගේ වාණිජ ලේකම්වරයා වන හුවාඩ් ලුෆික්ට නිව්යෝර්ක් පිහිටි නිවසටද තර්ජනයක් එල්ල වී ඇත.

පරිසර ආරක්ෂක පරිපාලන තනතුර සඳහා නම්කර ඇති ලී සෙල්ඩින් හටද තර්ජන එල්ලවී ඇති බව වාර්තාවේ.

තර්ජන හමුවේ තමන් කිසිසේත් පසුබට නොවන බව ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

බයිඩන් ඇතුළු පරිපාලනය මෙම ක්‍රියාව හෙළා දැක ඇති බව සඳහන් වේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *