Latestක්‍රීඩාදේශීය

දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ශ්‍රී ලංකා පිතිකරුවන් අන්ත අසරණ කරයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ඩර්බන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දකුණු අප්‍රිකාණු කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 191ක් ලබා ගත්තේය.

ටෙම්බා බවුමා 70යි. පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු 44/3,ලහිරු කුමාර 70/3,විශ්ව ප්‍රනාන්දු 35/2 සහ ප්‍රභාත් ජයසූරිය 24/2 ලෙස කඩුළු දවා ගත්හ.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 42ක් පමණයි.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට පහරදීමට හැකි වූයේ පන්දුවාර 13.5 කට පමණි. මාකෝ ජැන්සන් ලකුණු 13 කදී කඩුලු 07ක් දවා ගත්තේය.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පළමු ඉනිමට ලබා ගත් ලකුණු 191ට වඩා ලකුණු 149ක් පසුපසින් සිටී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *