මන්ත්රී වරප්රසාද කප්පාදු කරන්න – හේෂා විතාන
සමගි ජන බලවේගය පක්ෂයේ රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවට විශේෂ යෝජනාවක් ගෙන විත් ඇත.
එම යෝජනාව ගෙන ආවේ මාලිමාව නියෝජනය කරන මන්ත්රීවරුන් පිළිබඳ සහ ජාතික ජන බලවේගයේ ප්රතිපත්ති පිළිබඳ ව පැහැදීමෙන් බවත් හෙතෙම පවසයි.
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සතු වරප්රසාද රැසක් කප්පාදු කරන ලෙස ඔහු ඉන් යෝජනා කර ඇත.
මේ වන විටත් එම යෝජනාව පාර්ලිමේන්තුවට භාරදී ඇති බවත් එය දසවෙනි පාර්ලිමේන්තුවේ පළමු මන්ත්රී යෝජනාව ලෙස විවාදයට ගනු ඇති බවත් හෙතෙම තවදුරටත් කියයි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

