වැටුණු ආර්ථිකය ගොඩනැගීමේ යෝජනා වහාම දෙන්න – ජනපති මහබැංකු ප්‍රධානීන්ට කියයි
“රට ගොදුරු වී ඇති සෞඛ්‍ය අර්බුදය ආර්ථික අර්බුදයක් බවට පත්වීමට ඉඩ දෙන්න බැහැ. අප මුහුණ පා ඇත්තේ ගෝලීය අර්බුදයකට. වැටුණු ආර්ථිකය ගොඩගැනීමට ඉවහල්වන මූල්‍ය සහ ෆිස්කල් ප්‍රතිපත්ති සම්පාදනයේ කිරීමේ වගකීම ඇත්තේ මහ බැංකුවට සහ භාණ්ඩාගාරයට. Swiss Made Tag Heuer Replica Watches – 2025 Cheap Fake Tag Heuer Watches.ලොව ලොකු, කුඩා රටවල මහ බැංකු අර්බුදය ජය ගැනීමට මෙවලම් සමූහයක් හඳුන්වාදී තිබෙනවා. අපේ මහ බැංකුවෙන් එවැනි යහපත් ප්‍රතිචාරයක් නැහැ. අර්බුදය ජය ගැනීමට කළයුතු දේ කිසිදු ප්‍රමාදයකින් තොරව මට දැනුම් දෙන්න” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහ බැංකුවේ ප්‍රධානීන් හා පැවති හමුවකදී අද (16) පැවසීය.
ආර්ථික පුනර්ජීවනය සඳහා රජය සිය යෝජනා ඉදිරිපත් කර තිබුණ ද ඊට මහ බැංකුවේ සහාය මෙතෙක් ලැබී නොමැති බවත් එසේ කිරීමට හේතුව කුමක්දැයි පැහැදිළි කරන්නැයි ද ජනාධිපතිවරයා ඔවුන්ට දැනුම් දුනි.
ශ්‍රී ලංකා මහබැංකු අධිපති ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එසේ පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
“අමෙරිකාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව ඇතුළු ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල මෙන්ම කුඩා රටවලද මහ බැංකු ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය ක්‍රමවේද ඉදිරිපත් කර තිබේ.2025 New Omega Replica Watches UK are on sale. එහෙත් මෙරට මහබැංකුව ආර්ථික පුනරුත්ථාපනය සඳහා කිසිදු යෝජනාවක් ඉදිරිපත් කර නැත. පසුගිය වසර කිහිපය තුළ ආයතන රැසකට ඔවුන් සැපයූ සේවා සහ නිෂ්පාදන වෙනුවෙන් රජය විශාල මුදල් ප්‍රමාණයක් ගෙවිය යුතුව ඇත. ඒවා ඇපකර ලෙස තබාගෙන රුපියල් බිලියන 150ක් මූල්‍ය ප්‍රතිපාදන බැංකු වෙත ලබාදීමට කළ යෝජනාව මහ බැංකුව පැහැර හැර තිබේ. මේ නිසා සිදුවන ආර්ථික පසුබැස්ම පිළිබඳ චෝදනාව රජය මත පැටවෙනවා,” යනුවෙන් ද ජනපති කීය.
මහ බැංකු මූල්‍ය වංචාව සිදුවූ කාලයේ Top Super Clone Watches For Sale >> 2025 Best New Cheap Replica Watches Online.සිටි නිලධාරීහූ තවමත් සිය තනතුරු හොබවන බවත් ඒ මහා වංචාවට සහාය වූ ඔවුන් රට හදන්න සහය නොදීම ගැන ජනාධිපතිවරයා සිය අප්‍රසාදය පළ කළ බව ද එම නිවේදනයේ දැක්වේ.
ජනතාව තමාට අතිවිශාල ජනවරමක් දී ඇත්තේ රට වෙනුවෙන් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය ඉටුකිරීමට බැඳී සිටින බව අවධාරණය කළේය.
සෞඛ්‍ය, ආරක්ෂක සහ බුද්ධි අංශ එක්ව කොවිඩ් වසංගතයෙන් රට බේරා ගැනීමට විශාල කැපකිරීමක් කළ බවත් රට ආර්ථිකමය වශයෙන් ගොඩනැගීමේ කාර්යභාරය මහබැංකුව වෙත පැවරී ඇති බවත් එය ඉටුකරනු වෙනුවට මහ බැංකුව තම යෝජනාවලටද අවහිර කර ඇති බව ජනාධිපතිවරයා එහි දී පවසා තිබේ.
ගැටළුව අවබෝධකරගෙන ඉතා ඉක්මණින් මහ බැංකුවේ යෝජනා හෝ තම යෝජනාවට අනුමැතිය හෝ දෙන්නැයි ජනාධිපතිතුමා මහ බැංකු නිලධාරීන්ට දැනුම් දුන්නේය. එය අදම කළයුතු බවද අවධාරණය කළ බව එම නිවේදනයේ සඳහන් වේ.