කොවිඩ් තත්ත්වය තවමත් ඉවත්ව ගොස් නැහැ
රට තුළ සමාජගත සම්ප්‍රේෂණයක් නොතිබුණද කොවිඩ් නයින්ටීන් තත්ත්වය තවමත් ඉවත්ව ගොස් නැතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පවසයි. සමාජ දුරස්ථභාවය පවත්වාගැනිම හා සෞඛ්‍ය බලධාරින් දෙන උපදෙස් පිළිපැදිම මේ වනවිට ක්‍රම ක්‍රමයෙන් ජනතාව අතරින් බැහැරට යමින් පවතින බව දක්නට ලැබෙ. මෙවැනි තත්ත්වයක් දිගින් දිගටම පැවතිය හොත් රට යලි අවදානමකට මුහුණදීමට ඇති හැකියාව වැඩි බව පලිහවඩන මහත්මිය ජාතික ගුවන්විදුලියට පැවසුවාය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
