දේශීය

MCC ගිවිසුම ගැන තීරණයක් ගත යුත්තේ රජයයි -අමෙරිකානු තානාපති කාර්යාලය කියයි

MCC ගිවිසුම මගින් ශ්‍රි ලංකාවට ලබා දීමට තිබු ඩොලර් මිලියන 480 න් කිසිදු මුදලක් මෙතෙක් ලබාදී නොමැති බව අමෙරිකානු තානාපති කාර්යාලය ට්විටර් සටහනක් තබමින් නිවේදනය කරයි. ගිවිසුම සම්බන්ධව ඉදිරි තීරණය ශ්‍රී ලංකා රජය විසින් ගත යුතු බව ද එම නිවේදනයේ තව දුරටත් දැක්වේ.

කෙසේ වෙතත් MCC ගිවිසුම සම්බන්ධයෙන් සමාලෝනය කිරීමට පත් කරනු ලැබූ විද්වත් කමිටුව ඊයේ (25) දිනයේ සිය වාර්තාව මගින් පෙන්වා දුන්නේ පසුගිය රජය විසින් එම ගිවිසුමේ අදියර දෙකක් සඳහා අත්සන් තබා ඇති බවත් අමෙරිකානු ඩොලර් මිලියන 10 ක ප්‍රදානයක් ලබා ගෙන ඇති බවත්ය.

ඒ අනුව විද්වත් කමිටු වාර්තාවේ සහ ඇමරිකානු තානාපති කාර්යාලයේ නිවේදනය අතර පරස්පරතාවක් මතුවෙයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *