විදේශීය

ලක්ෂ 4 ට අධික ජනතාවක් නිවාස තුළ සිරකරමින් චීනයේ හෙබෙයි පළාතේ Anxin ප්‍රාන්තය වසා දැමේ.

සති තුනක කාලයක සිට නව කොරෝනා රැල්ලක් චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින අතර Anxin ප්‍රාන්තයෙන් කොරෝනා රෝගින් 12 දෙනෙකු වාර්තා වීමත් සමඟ එම ප්‍රාන්තය වසා දැමීමට චීන බලධාරින් පියවර ගෙන ඇත.

චීනයේ බීජිං අගනුවර ආශ්‍රිතව නවතම කොරෝනා රෝගී පොකුර ව්‍යාප්තවීම ආරම්භ වුයේ එහි පිහිටි Xinfadi තොග වෙළද සංකීර්ණය හරහා බව විශේෂඥයින් කරුණු අනාවරණය කරගෙන ඇත. Xinfadi තොග වෙළද සංකීර්ණයට මිරිදිය මසුන් රැගෙන ඒම Anxin ප්‍රාන්තයෙන් සිදුවන අතර Anxin ප්‍රාන්තයෙන් වාර්තා වු රෝගින් 12 දෙනාගෙන් 11 දෙනෙකුම Xinfadi තොග වෙළද සංකීර්ණයට සම්බන්ධ පුද්ගලයින් බව අනාවරණය වීමත් සමඟ චීන බලධාරින් Anxin ප්‍රාන්තය වසා දැමීමට පියවර ගෙන තිබේ.

වෛරසය පැතිරියාම වළක්වාගැනිමට නිරෝධායන නීති දැඩි කර ඇති අතර විශේෂඥයින් පෙන්වා දෙන්නේ Anxin ප්‍රාන්තයේ විශාල ජන ඝනත්වයක් නොමැති නිසා තත්වය ඉක්මනින් පාලනය කල හැකි බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *