පුද්ගලික හා රාජ්‍ය අංශ කාර්යාල වේලාවන් වල වෙනසක් ?
කොවිඩ් 19 වසංගත තත්ත්වය වළක්වා ගැනීම වෙනුවෙන් සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම මෙන්ම මාර්ග තදබදය අවමකිරීම හා රාජ්‍ය හා පුද්ගලික සේවයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් කාර්යාල වේලාවන් වල වෙනසක් සිදු කිරිමට රජය අවධානය යොමුකර තිබේ.
ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශ නිලධාරීන් සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරීන් 7 දෙනෙකු යුත් කමිටුවකින් ඊට ආදාල යොජනා ඇතුලත් වාර්තාවක් ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භාර දීම අද (30) පෙරවරුවේ සිදු විය. අමාත්‍යවරයා එම වාර්තාව අධ්‍යනය කිරීමෙන් පසු අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
එම වාර්තාව අනුව රාජ්‍ය අංශයේ කාර්යාල ආරම්භ කරන වේලාව පෙරවරු 09.00 සිට පස්වරු 4.45 දක්වාත්, පුද්ගලික අංශයේ කාර්යාල පෙරවරු 09.45 සිට පස්වරු 06.45 දක්වාත් සංශෝධනය කිරීමට නිර්දේශ කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
