මිලියන සංඛ්‍යාත පරිශීලකයින් පුදුමයට පත්කරමින් ඉන්දියාව TikTok තහනම් කරයි.
ඉන්දියාවේ ස්වෛරීභාවයට හා ආරක්ෂාවට තර්ජනයක් ලෙස සලකමින් TikTok ඇතුළු චීන යෙදුම් 59ක් ඉන්දීයාව තුළ තහනම් කිරිමට පියවර ගෙන ඇත. ඉන්දියාවේ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත්තේ ඇතැම් ජංගම යෙදුම් මගින් පරිශීලකයන්ගේ දත්ත අනිසි ලෙස භාවිත කිරීම සහ ඉන්දියාවෙන් පිටත සේවාදායකයන් වෙත සම්ප්‍රේෂණය කිරීම පිළිබඳව ලැබි ඇති පැමිණිලි සලකා බලා මෙම තීරණය ගෙන ඇති බවයි. කෙසේ වෙතත් මෙම තීරණය නැවත සලකා බලන ලෙස වාරණයට ලක්වු සමාගම් ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කර ඇත. චීනය හා ඉන්දීයාව අතර සීතල යුද්ධයේ පුපුරායමක් හිමාලයානු කලාපයේ දේශ සීමාවක් තුළ මෙම මාසයේ (ජුනි) මුල සිදු වු අතර අදාල ගැටුමින් ඉන්දීයානු සෙබලුන් 20 ක් ජිවිතක්ෂයට පත්විය.ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ ජංගම යෙදුම් තහනම් කිරීම ඉන්දීයාව චීනයට එරෙහිව ගත් ඉක්මන් දේශපාලන පියවරක් බවයි.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
