දේශීය

වැඩි වු විදුලි බිලට සහනයක් ?

විදුලි බිලට සහන දීම නිර්දේශ කිරීම සඳහා සිව් පුද්ගල කමිටුවක් පත්කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සදහන් කරයි. එම වාර්තාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවද එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වේ.

වෙනත් මාසවලට සාපේක්‍ෂව අධික මුදලක බිල්පත් ඉකුත් මාර්තු, අපේ‍්‍රල් හා මැයි මාසවල ජනතාවට ලැබි ඇති බව විෂයභාර අමාත්‍යවරයා ඊයේ (01) දිනයේ රැස්වු අමාත්‍ය මණ්ඩලයේදී පෙන්වා දුන් බවත් සහන ලබා දීම පිළිබඳව එහිදි අවධානය යොමු වු බවත් අද (02) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වූ සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාද මේ සම්බන්දව අදහස් පලකරමින් පැවසීය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *