දේශීය

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පෙරළියකට එක්වන්න – ජනාධිපතිගෙන් ඇරයුම්

නාගරික සහ ග්‍රාමීය ජනතා අවශ්‍යතා ඉටුවන අයුරින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පෙරළියකට එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී දේශීය ඉංජිනේරුවරුන්ට ඇරයුම් කරයි. විදෙස් රටවලින් විදේශීය ඉංජිනේරුවන් පැමිණ ව්‍යාපෘති කිරීමේ සංස්කෘතිය නතර කර ඉදිරි සංවර්ධන වැඩසටහන් දේශීය ඉංජිනේරුවරුන්ට සහ ආයතනවලට පවරන බව ජනාධිපතිතුමා මෙහිදී පැවසීය. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිදු කිරීමට අපේක්ෂිත පෙරළියේදීත් දේශීය ඉංජිනේරුවන් කෙරෙහි විශ්වාසය තබන බව කී ජනාධිපතිතුමා ඉතිහාසයේ ඉතා කීර්තිමත් ඉංජිනේරුවරුන් බිහි වූ යුගය නැවත උදා කළ යුතු බව සඳහන් කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රට නිවැරදි දිශාවට ගෙන යනු ඇතැයි තමන් දැඩිව විශ්වස කරන බව මෙම අවස්ථාවට එක් වූ ඉංජිනේරුවරු පැවසූහ. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන කිහිපයක ප්‍රධානීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *