දේශීය

පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මි.මි 100 ඉක්මවයි. දිස්ත්‍රික්ක කීපයකට නායයෑම් පුර්ව අනතුරු ඇගවීම්.

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය 100 mm ඉක්මවා ඇති බැවින් වර්ෂාව තවදුරටත් පවතී නම් නායයාම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරලීම්, පොළොව ගිලා බැසීම් සහ පස් කන්ඩි කඩා වැටීම් පිළිබඳව අවධානයෙන් සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් පුර්ව නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කරමින් මහජනතාවට කියා සිටී. නායයාම් පුර්ව ලක්ෂණ නිරීක්ෂණය වේ නම් එම ස්ථානවලින් හැකි ඉක්මනින් ඉවත්වීමට කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දේ.පවතින කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා පිළිබදව දැනගැනීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකයෙන් විමසන ලෙස තවදුරටත් ජනතාවට දැනුම් දී සිටී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *