මාස හයකට පසු චීනයේ සිනමා ශාලා නැවත විවෘත කරයි.
කොරෝනා වෛරසය පැතිරියාමත් සමඟ ජනවාරි මාසයේ සිට සිනමා ශාලා වසා දැමීම නිසා චීනයේ සිනමා කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල විය.
කෙසේ වෙතත් කොවිඩ් වෛරස් අවධානම පාලනය කරමින් සිටින චීනය අවධානම අවම ප්‍රදේශ වල දැඩි නීති රීති මාලාවක් යටතේ නැවත සිනමා ශාලා විවෘත කරීමට පියවර ගෙන ඇත. ඒ අනුව තීරගත කිරීම් 30% ක් දක්වා අඩු කර සිනමා ශාලාවල ධාරිතාව අනුව නරඹන්නන් 50% දක්වා සීමා කරමින් සිනමා ශාලා විවෘත කිරිමට චීන චිත්‍රපට පරිපාලන ආයතනය ක්‍රියාකර ඇත.
චීනය ලෝකයේ දෙවන විශාලතම චිත්‍රපට වෙළඳපොල වන අතර නැවත සීනමා ශාලා වීවෘත වීම චීන චිත්‍රපට කර්මාන්තයට මෙන්ම හොලිවුඩ් චිත්‍රපට කර්මාන්තයටද විශාල පිටුවහලකි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
