ගම්මිරිස් ප්රශ්නයට විසඳුමක් සෙවීමට ජනපතිි මැදිහත්වීමෙන් සාකච්ඡාවක් අද
ගම්මිරිස් ප්රශ්නයට දීර්ඝකාලීන විසඳුමක් සෙවීමට ගතයුතු ක්රියාමාර්ග ගැන සාකච්ඡාවක් ඊයේ (20) දහවල් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. 2015ට පෙර ගම්මිරිස් කිලෝවකට රුපියල් 1,300- 1,500ත් අතර මිලක් ලැබුණු අතර දැන් එය රුපියල් 450ත්-500ත් දක්වා අඩු වී තිබේ.අමු ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 150ත්- 175ත් අතර වේ. අගය එකතු කළ නිෂ්පාදන ලෙස ගම්මිරිස් ලෝක වෙළෙඳපොළට සැපයීම ප්රධාන උපායමාර්ගයක් විය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන් අතර ගම්මිරිස් ප්රශ්නයට දීර්ඝකාලීන විසඳුමක් සෙවීමට ගතයුතු ක්රියාමාර්ග ගැන මෙහිදී දීර්ග ලෙස සාකච්ඡා කෙරිණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
