ගත වූ පැය 24 තුළ මෙරටින් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා වී නොමැත – වසංගත රෝග ඒකකය පවසයි.
මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2730ක් වන අතර ඉන් අසාදිතයින් 2048 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ, තවදුරටත් පුද්ගලයින් 671 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවයි.
හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයින් 561 ක් ලෙස සටහන් වන බව ද එමෙන්ම මේ වනවිට පුද්ගලයින් 25,074 දෙනෙකු නිරෝධායනය අවසන් කර නිවෙස් කරා ගොස් ඇති අතර මධ්‍යස්ථාන 51 ක් තුළ පුද්ගලයින් 5222 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
