ඡන්ද පෙට්ටිවල ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක්
මෙවර මහමැතිවරණයේදී ඡන්ද පෙට්ටිවල ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඡන්දය විමසීමෙන් අනතුරුව ඡන්ද ගණන් කිරීම ආරම්භ කරන පසු දිනය දක්වා කාලය තුළ ඡන්ද පෙට්ටි රඳවා තබන ස්ථානවල එක් – එක් දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයින් දෙදෙනෙකු රඳවා තැබීමට ඉඩ ලබා දී තිබෙන බවත් ඡන්දය ගණන් කිරීම සිදු කරන ස්ථානවල ආරක්ෂාවට පොලිසිය මෙන්ම ඒවායෙන් පිටත ප‍්‍රදේශවල ආරක්ෂාව සඳහා යුද හමුදාව ද යොදවන බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය පැවසුවේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
