රාජාංගණයේ ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා ලිහිල් කිරීමට තීරණය කරයි
සංචරණ සීමා පනවා ඇති රාජාංගණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් කිහිපයක සංචරණ සීමා ලබන සදුදා වනවිට ඉවත් කිරීමට හැකි වනු ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා. රාජාංගණය ප්‍රදේශයේ මේ වන විට නිරෝධායනයට ලක් වූ පුද්ගලයින් 1040ක් පමණ සිටින අතර ඉකුත් 13 වැනිදා සිට PCR පරීක්ෂණ 940ක් පමණ සිදු කර රෝගීන් 19ක් පමණක් වාර්තා වී ඇති බවත් එම නිසා 26 වැනිදා ට දින 14 සම්පූර්ණ වන බැවින් ප්‍රධාන අවධානම් ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල 27 වැනිදා සිට සංචරණ සීමා ලිහිල් කිරීමට බලාපොරොත්තුවන බවත් උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර කියා සිටියේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
