කිතුල් රා මැදීම වරදක් නොවේ – පොලීසිය
කිතුල් ගස් මදින හෝ කිතුල් ගසකින් රා නිස්සාරණය කරන පුද්ගලයින්ට එරෙහිව මින් ඉදිරියට නඩු පැවරීමක් සිදු නොකරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා විසින් සියලූ පොලිස් ස්ථාන දැනුවත් කර තිබෙනවා. 2018 අංක 04 දරන සුරාබදු සංශෝධන පනත මගින්, කිතුල් ගස්වල රා මැදීම හා රා නිස්සාරණය කිරීම බලපත‍්‍ර රහිතව සිදු කළ හැකි බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේය. බලපත‍්‍ර නොමැතිව කිතුල් කර්මාන්තයේ යෙදෙන පුද්ගලයින්ට එරෙහිව දිගින් – දිගටම නඩු පවරන බවට තොරතුරු ලැබීම හේතුවෙන් මෙලෙස ඒ සම්බන්ධයෙන් පොලිස් ස්ථාන දැනුවත් කිරීමට පියවර ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
