දේශීය

කහ ආනයනය කිරීමට තවමත් තීරණය කර නොමැති බව අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.

විශේෂ ගැසට් නිවේදනයක් මගින් කහ ආනයනය සම්පූර්ණයෙන් නතර කිරීමට රජය ගත් තීරණය කිරීමත් සමඟ වෙළෙඳපොළේ කහ හිඟයක් ඇතිවිය. කෙසේ වෙතත් දේශීය කහ වගාකරුවන්ට වෙළෙඳපොළ අවස්ථා උදාකර දීම වෙනුවෙන්, කිසිදු අවස්ථාවක කහ ආනයනයට යළි අවස්ථාව ලබා නොදෙන බව වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මේ හරහා 2023 වසර වන විට මෙට්‍රික් ටොන් 8000 රටේ කහ අවශ්‍යතාව සපුරාලීමට හැකියාව ලැබෙන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ. පි. හීන්කෙන්ද මහතා කියා සිටි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *