දේශීය

වර්ෂාවත් සමඟම ඩෙංගු අධි අවධානම් තත්ත්වයක්

පවතින වර්ෂා සහිත කාලගුණය සමග දිවයිනේ දිස්ත්‍රික්ක කීපයකම ඩෙංගු රෝගීන් වැඩි වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි. මේ වන විට හඳුනා ගත් අධි අවදානම් සහිත දිස්ත්‍රික්ක හා ප්‍රදේශ ලෙස කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය,කොළඹ, ගම්පහ ,කළුතර ,මහනුවර , ගාල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක ප්‍රධාන වෙයි. මේ අතර කොළඹ මහ නගර සභා සීමාව තුළ ආයතන අතරින් ,ආයතන 50% කට වැඩි සංඛ්‍යාවකම ඩෙංගු මදුරු කීටයින් හමුවී ඇති අතර මෙම අධි අවදානම තත්වය වසංගත තත්වයක් දක්වා වර්ධනය වීම වළක්වා ගැනීමට අදාළ ප්‍රදේශවල මදුරු මර්දන කාර්‍යයන් වැඩි අවධානයක් සහිතව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජාතික ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *