දේශීය

Covid 19 වෛරසය වැඩි වශයෙන් තරුණ ජීවිත බිලිගනී

Covid 19  වෛරසය ලෝකය පුරා වැඩි වශයෙන් වැඩිහිටියන් බිලිගත් අතර  මේ වනවිට තරුණ ජීවිත දක්වා වැඩි වශයෙන් ව්‍යාප්ත වෙමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

යුරෝපා කලාපයේ මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන බව ඔවුන් කළ සමීක්‍ෂණයකින් හෙළි වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් පවසන්නේ, ගත වු සති කිහිපය සැලකීමේදී වැඩිහිටියන්ට වඩා තරුණයින් අතර කොරෝනා වෛරසය ව්‍යාප්තවීම කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇති රටවල්ද ඒ අතර වන බවයි. ස්පාඤ්ඤය සහ ප‍්‍රංශයේ ද මෙම තත්ත්වය පවතින බව විදෙස් මාධ්‍යයන්හි සඳහන් වේ.

ස්පාඤ්ඤය තුළ යළිත් කොරෝනා වෛරසය පැතිර යාමත් සමග යුරෝපය තුළ කොරෝනා දෙවන රැල්ලක දැඩි අවදානමක් මේ වනවිට මතුව තිබෙන අතර ඒ අනුව යළිත් කොරෝනා රීති දැඩි කිරීමට රටවල් රැසක් දැනටමත් පියවර ගෙන අවසන්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *