විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 10,000කට රැකියා අහිමි වේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය මහතා පවසන්නේ, මැදපෙරදිග ඇතුළු රටවල්වල සිටින ශ්‍රී ලාංකිකයින් 10,000කට පමණ රැකියා අහිමි වී ඇති බවයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩි දුරටත් සඳහන් කරන්නේ, විදේශ ගත ව මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රමිකයින් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට සූදානම් බව ද ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 40,000ක් පමණ දිවයිනට පැමිණිමට මේ වන විටත් ඉල්ලුම් කර ඇති බව ය.
ඔවුන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය සියළුම පහසුකම් සැපයීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර ඇති බව ද මංගල රන්දෙණිය මහතා සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
