බහරේන් රාජ්‍යයට ඇතුළුවන සියළු සංක්‍රමණිකයින්හට PCR පරීක්ෂණ අනිවාර්යයි.
බහරේන් රාජ්‍යයට ඇතුළුවන සියළු සංක්‍රමණිකයින් ජූලි 21 අගහරුවාදා පෙ.ව.12.00 සිට තමන්ගේ මුදලින් බහරේන් ඩිනාර් 30 ක් ගෙවා කොරෝනා වෛරස රසායනාගාර පරික්ෂණයට බහරේන් ජාත්‍යන්තර ගුවන්තොටුපලදී ලක් විය යුතු බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇත.
බහරේන් රාජ්‍යයට පිටත්වීම සඳහා ගුවන්යානයට ගොඩවීමට පෙර රසායනාගාර පරීක්ෂණය සඳහා ගෙවීම් (be aware Bahrain) යන අයදුම්පත මඟින් සිදු කිරීමේ පහසුකම් ද සලසා ඇති අතර , බහරේන් ජාත්‍යන්තර ගුවන්තොටුපලෙහි පිහිටා ඇති කවුළු මඟින් එරටදී ගෙවීම් කටයුතු සිදු කළ හැකි බව වැඩි දුරටත් දන්වා සිටියි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
