දේශීය

එ ජා ප නායකත්වය?

එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වන්නට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කිරීමත් සමග මේ වන විට එම තනතුර සදහා විවිධ නම් යෝජනා වෙමින් පවතී. නවීන් දිසානායක, රවී කරුණානායක, අර්ජුන රණතුංග, වජිර අබේවර්ධන වැනි එ ජා ප ප්‍රභල නායකයින්ගේ නම් දේශපාලන ක්ෂේත්‍රයේ කතා බහට ලක් වෙමින් පවතින අතර, වජිර අබේවර්ධන මහතා ප්‍රසිද්ධියේම කියා සිටියේ එජාප නාකයකත්වය සදහා පක්ෂය මාරු නොකළ ඉතිහාසයක් සහිත තමන් වඩා සුදුසු බව රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවසූ බවයි.

මේ අතර ගාල්ල එ ජා ප බල මණ්ඩලයේදී ඒකමතිව සම්මත කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නායකත්වය සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය වජිර අබේවර්ධන මහතාට ලබා දිය යුතු බවයි. ඒ පූජ්‍ය උඩුගම සාරානන්ද හිමියන්ගේ සහ හිටපු පලාත් සභා මන්ත්‍රී අශෝක ධනවංශ මහතාගේ යෝජනා ස්ත්‍රීරත්වයෙනි.

‍කෙසේ වෙතත් මේ වන තෙක් එජාප නායකත්වයට හෝ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට කිසිවෙකු පත් කර නොමැති අතර ඒ සදහා තීරණ ගැනීමේ දී එජාපය අභ්‍යන්තරයේ ගැටලු තවත් උත්සන්න වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *