දේශීය

අගමැති වැඩ අරඹයි

මහින්ද රාජපක්ෂ මහතා අද(11) අරලියගහ මන්දිරයේ දී අගමැති ධූරයේ වැඩ ආරම්භ කරන ලදි. පසුගිය දා පැවති මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජයේ අභිනව අගමැති ලෙස (09)දින කැළණිය රජ මහ විහාරස්ථානයේ දී දිවුරුම් දුන් රාජපක්ෂ මහතා අද සිය නිල රාජකාරි කටයූතු ආරම්භ කළහ.

මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ වාර්ථාගත වැඩිම මනාප ප්‍රමාණයක් ලබා ගනිමින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ රාජපක්ෂ මහතා මෙවර අගමැති ධූරයේ වැඩ බාර ගනු ලැබුවේ සිව්වන වතාවටයි.

1970 දී ලාබාලතම මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් වූ මහින්ද රාජපක්ෂ මහතා වසර 50ක දේශපාලන ඉතිහාසයකට හිමිකම් කියන අතර දෙවතාවක් රටේ ජනාධිපති ධූරය හොබවන ලදි.

පොදුජන එක්සත් පෙරමුණු රජයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ කම්කරු ඇමති, ධීවර ඇමති, මුදල් ඇමති වැනි විවිධ අමාත්‍යධූර දැරූ රාජපක්ෂ මහතා විපක්ෂනායක ධූරය මෙන්ම ආන්දෝලනාත්මක දින 51 රජයේ අගමැතිධූරයද දරන ලදි.

පැවති මහමැතිවරණයෙන් 2/3 ක බහුතර බලයක් සමගින් බලයට පත් වූ රාජපක්ෂ මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි ක්‍රියාමාර්ග අනුව රටේ අනාගතය තීරණය වනු ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *