විදේශ ශ්‍රමිකයින්ට COVID පරික්ෂණ වාර්තාවේ අඩංගු විය යුතු කරුණු සයිප්‍රස් රජයෙන් දැනුම් දෙයි
COVID 19 වසංගත තත්ත්වය හේතුකොට ගෙන, අනිවාර්ය පරික්ෂණ වාර්තාවක අඩංගු විය යුතු කරුණු සයිප්‍රස් රජය විසින් දැනුම් දී තිබේ. මෙහිදී සයිප්‍රස් රාජ්‍යයේ රැකියා සඳහා යොමුවන ශ්‍රමිකයින් එරටට පැමිණීමට ප්‍රථම COVID 19 වසංගත තත්ත්වය වැළඳී නොමැති බවට තහවුරු කර ගැනීම අනිවාර්ය වේ.
එනම්,
1. සාම්පල ලබාගත් දිනය
2. පරික්ෂණාගාර වාර්තා ක්‍රමවේදය (RT-PCR විය යුතුය)
3. ඉල්ලුම්කරුගේ නම
4. පරික්ෂණ ප්‍රතිඵලය
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ, RT-PCR පරික්ෂණයට අමතරව සිදුකරන වෙනත් ප්‍රතිදේහ, ප්‍රතිදේහ ජනක පරික්ෂාවන් සහ ඉහත තොරතුරු අඩංගු නොවන අසම්පූර්ණ පරික්ෂණාගාර වාර්තා එරට රජය මඟින් පිළිනොගන්නා හෙයින් විදේශිකයින්ට එරටට ඇතුළත්වීමට අවසර ලබානොදෙන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
