Uncategorizedදේශීය

Covid 19 ආසාදිතයින් තිදෙනෙකු හදුනාගැනේ.

ඕමානයේ සිට පැමිණ වැල්ලවත්තේ  ozo හෝටලයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායනය වෙමින් සිටි තිදෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස අද(17) දිනයේ හදුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

අද දින උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට සම්බන්ධ සියළු ආසාදිතයන් සංඛ්‍යාව 629 දෙනෙකු වේ.

පුනරුත්ථාපනය වන රැඳවියන්                              –           508

කාර්ය මණ්ඩලය                                                 –             67

ආරාධිත කාර්ය මණ්ඩලය                                     –             05

පවුල් හා සමීපතයින්                                            –             48

වැලිකඩ බන්ධනාගාරයේ කොවිඩ් 19 වෛරසය     –             01

ආසාදිත වූ රැඳවියා ඇසුරු කළ පුද්ගයන්

එකතුව                                                              –           629

මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2893ක්  වන අතර 2670ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ආසාදිතයන් 212ක් දැනට නිරෝධායන මධ්‍යස්ථානය තුළ ප්‍රතිකාර ලබමින් සිටියි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *