දේශීය

විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් සෙවීමට ඩලස්ගෙන් කමිටුවක්

ඊයේ (17) දින සිදු වූ විදුලි පද්ධතිය ඇණ හිටීම සම්බන්ධයෙන් සොයා බැලීමට විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහාතා විශේෂ කමිටුවක් පත් කර තිබේ.

කෙරවලපිටිය ග්‍රිඩ් උපපොළේ විදුලි සම්ප්‍රේෂණ පද්ධති තුළ හටගත් දෝෂයක් නිසා මුළු දිවයිනේම විදුලිය බිඳ වැටීමක් සිදුව තිබුණි.

එම තත්වය යථා තත්වයට පත්කර ඇති බව විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.

මෙලෙස විදුලිය බිඳවැටීමක් අවසන් වරට 2016 වර්ෂයේ දී සිදුව තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *