Uncategorizedදේශීය

කටාර් සහ ජෝර්දාන්හි සිටි පිරිසක් යළි දිවයිනට

කොරෝනා වසංගතය  හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව කටාර් සහ ජෝර්දාන්හි  සිටි පුද්ගලයන් පිරිසක් අද (18) උදෑසන දිවයිනට පැමිණ තිබේ.

QR 668 දරණ මගී ගුවන් යානයෙන් දෝහා කටාර් සිට පුද්ගලයන් 25 දෙනෙකුත් UL 1506 දරණ මගී ගුවන් යානයෙන් ජෝර්දාන් සිට 286 දෙනෙකුත් මෙරටට පැමිණ ඇති අතර එම පිරිස ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇත.

අද(18) දිනය වන විට නිරෝධායන මධ්‍යස්ථාන 44ක් තුළ පුද්ගලයින් 5,347ක් නිරෝධායනය වෙමින් සිටින අතර පුද්ගලයින් 31,003 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන්කර නිවෙස්වලට පිටව ගොස් තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *