Uncategorizedවිදේශීය

මිහිතලයේ ඉහළම උෂ්ණත්වය ඇමරිකාවෙන් වාර්තා වේ.

ඇමරිකාවේ බටහිර වෙරළේ තාප තරංග ඇති වීම හේතුවෙන් එරට උෂ්ණත්වය ඉහළ අගයක් ගෙන තිබේ. එය මිහිතලයේ මෙතෙක් පැවති ඉහළම උෂ්ණත්වය යි.

මීට පෙර මිහිතලයේ ඉහළම උෂ්ණත්වය 2013 වසරේ දී කැලිෆෝනියාවේ ඩෙත්වැලි ප්‍රදේශයෙන් වාර්තා විය. එය සෙල්සියස් අංශක 54ක උෂ්ණත්වයකි.  

ඊයේ(17) වන විට එම ප්‍රදේශයෙන්ම උෂ්ණත්වය සෙල්සියස් අංශක 54.4ක් ලෙස වාර්තා වූ බව අමෙරිකානු ජාතික කාලගුණ සේවා ආයතනය තහවුරු කර ඇත.

මෙම ඉහළ උෂ්ණත්වය හේතුවෙන් පසුගියදා ලාසන් ප්‍රාන්තයේ ගිනි ගැනීමක් ද, හටගෙන තිබු බව විදෙස් මාධ්‍ය වර්තා කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *