Uncategorizedදේශීය

කථානායක ධුරය මහින්ද යාපාට ද

නව පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය හෙට (20) දින පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහිදී කථානායකවරයා පත් කිරීම ප්‍රමුඛස්ථානයක් ගනු ලබන අතර කථානායක ධූරය කවුරුන් හට හිමිවේවිද යන්න තවමත් අවිනිෂ්චිතය.

පසුගිය කාලයේ කථානායක ධූරය සම්බන්ධයෙන් විවිධ අදහස් පළ විය. එම කථානායක ධූරය මහින්ද යාපා අබේවර්ධන මන්ත්‍රීවරයාට ලැබේවියි නොයෙක් ඉඟියන් අසන්න ලැබුණත් තවමත් එහි ස්ථීරත්වයක් නැත.

කතානායක ධූරයට සිය නම යෝජනා වුවහොත් එය භාර ගැනීමට සූදානම් බවත් පාර්ලිමේන්තු ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම තම අභිප්‍රායවන බවත් මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර ඇත.

මහින්ද යාපා අබේවර්ධන මහතා මාතර දිස්ත්‍රික්ක නියෝජනයෙන් මනාප ඡන්ද 80,595ක් ලබා ගනිමින් දිස්ත්‍රික්කයේ 5වන ස්ථානය දිනා ගෙන තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *